කළුතර වෙරළෙන් හමුවූ මව සහ බිළිඳාගේ සිරුරුවල අනන්‍යතාව හෙළිවෙයි

කළුතර උතුර මුහුදු වෙරළට ගොඩගසා තිබූ බිළිඳියගේ සිරුර සහ වෙරළ තීරයේ පාවෙමින් තිබී ගොඩගත් කාන්තාවගේ මළ සිරුර එම කාන්තාවගේ සැමියා විසින් හඳුනාගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිසිය සඳහන් කළේ අද දහවල් කළුතර ශීක්ෂණ රෝහලේ දී ඔහු මෙම සිරුරු හඳුනාගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පයාගල, හල්කඳවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු දෙකයි මාස දෙකක් වයසැති ඇයගේ එකම දියණියයි.

මියගිය කාන්තාව සහ ඇයගේ සැමියා අතර නිතර පවුල් ආරවුල් සිදුව ඇති බව සඳහන්.

එම යුවළ මතුගම වලකන්ද ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මීට සති දෙකකට පමණ පෙර මියගොස් ඇති කාන්තාව දියණිය ද කැටුව පයාගල හල්කඳවිල ප්‍රදේශයේ තම පියා පදිංචි නිවසට පැමිණ තිබෙනවා.

දියණිය සමග එහි දින කිහිපයක් රැදී සිටි ඇය පසුගිය 19 වනදා බිළිඳු දියණියද කැටුව නැවත සැමියා පදිංචි මතුගම වලකන්ද ප්‍රදේශයේ පිහිටි නිවසට යාම සඳහා පිටත්ව ගොස් ඇති බවයි ඇයගේ පියා ප්‍රකාශ කර ඇත්තේ.

මෙම මරණ සිදු වූ ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

මියගිය කාන්තාවගේ සහ බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර ශික්ෂණ රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
1
+1
29
+1
5
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?