spot_imgspot_img
spot_img

කළුතර නගරයේ ආරක්ෂාව තර කෙරේ

කළුතර නගරයේ මේ වනවිට පොලිස් ආරක්ෂාව දැඩිකර ඇති බව වාර්තා වනවා.

‘ත්‍රස්ත විරෝධී පනත ඉරා දමනු, සමාජ මාධ්‍ය මර්ධන පනත හකුලාගනු’ යන මැයෙන් අද කළුතර නගරයෙන් ආරම්භ කිරීමට නියමිත මහජන කවුන්සිලයේ විරෝධතා පාගමන හේතුවෙන් මෙලෙස එම නගරයේ ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට පොලිස් කැරලි මර්දන කණ්ඩායම් ද එම නගරයේ ස්ථාන ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඊට අමතරව කළුතර පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරීන් ද කළුතර නගරයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
14
+1
6
+1
6
+1
8
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?