රත්නපුර – කහවත්ත රෝහලේ අක්ෂි වෛද්‍යවරයා විදේශගත වීම හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් මේ වන විට දුෂ්කරතාවයට පත්ව සිටිනවා.
කහවත්ත, ගොඩකවෙල, ඕපනායක, පැල්මඩුල්ල, බලංගොඩ, වැලිගෙපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත් වනරෝගීන් මෙලෙස පීඩාවට පත්ව ඇති බව වාර්තා වන්නේ.
මෙම රෝහලේ දී සතියට දින 06ක් අක්ෂි සායන පත්වන අතර, අක්ෂි ශල්‍යකර්ම දිනකට 150ක් 200ක් අතර ප්‍රමාණයක් රෝහල තුළ සිදුකර තිබෙනවා.
රෝහලට සිටි අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා පසුගිය මාසයේ විදේශ විදේශගත වීම හේතුවෙන් අක්ෂි රෝගීන් දැඩි අසරණතාවයට පත්ව සිටින අතර, එම රෝගීන් ඉල්ලා සිටින්නේ රෝහලට අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙක් ලබාදෙන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
2
+1
+1
+1