කසුන්ට සහ හතුරුසිංහට දෙවැනි තරගය අහිමි වෙයි

සත්කාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත හට අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ වම් උරහිසෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන්.

ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇති බැවින් දෙවැනි ටෙස්ට් තරගයට කසුන් රාජිත සහභාගි නොවනු ඇත.

මේ අනුව කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට එක්කර ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීම සදහා කසුන් රාජිත නැවත මෙරටට පැමිණ ඇති බවද වාර්තා වනවා.

මේ අතර බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හටද ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟය අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ පුද්ගලික හේතුවක් මත ඕස්ට්‍රේලියාවට බලා පිටත්ව යාමට නියමිත වීම හේතුවෙන්.

බංගලාදේශ කණ්ඩායමේ සහකාර පුහුණුකරු නික් පෝතාස් දෙවැනි ටෙස්ට් තරගයේදී ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
5
+1
57
+1
13
+1
13
+1
11
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?