spot_imgspot_img
spot_img

කසිප්පු සමඟ ඇල්ලූ පුද්ගලයා හදිසියේ අසනීප වී මිය ගිහින්

දොඩංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ මෙම පුද්ගලයා අද (12) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ දොඩංගොඩ, වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.

අද (12) දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති මොහු පපුවේ වේදනාවක් ඇති බව පොලිස් නිලධාරීන්ට දන්වා ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් විසින් 1990 සුවසැරිය ගිලන් රථයකින් ඔහුව කළුතර, නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

එම පුද්ගලයා එලෙස රෝහල් ගතකරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර, නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?