කලිසමක් ඇද පාසැල් ආ ගුරුවරියකට දෙමවුපියන් හූ කියයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක් පාසලට කලිසමක් සහ කමිසයකින් සැරසී පැමිණීම හේතුවෙන් දෙමාපියන් විරෝධය දක්වා තිබේ.

ඇය දෙමව්පියන් ගේ විරෝධය හේතුවෙන් පාසලෙන් බැහැරව යාමට සිදුව ඇත. ගුරුවරිය එම ඇදුමින් පාසලේ තබාගන්නේ නම් තම දරුවන් ගෙදර ගෙන යන බවට සියලු මව්පියවරුන් පැවසීමත් සමඟ ගුරුවරියක් පාසලෙන් ඉවත්ව ගොස් තිබේ. ඇය පිටව යද්දී දෙමව්පියන් ඇයට හූ තබා ඇත.

පසුව ගුරුවරිය පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ දෙමවුපියන් විසින් තමනට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බවයි. දෙමවුපියන් මෙය සිදු කළේ විදුහල්පතිවරයාගේ කීම මත බවද පැමිණිල්ලේ සඳහන්ය. පාසල් ගුරුවරියන්ට සාරිය හෝ පහසු ඇදුමක් ඇඳගෙන ඒමට අවසර දෙන ඉල්ලමින් ඇතැම් ගුරුවරියන් වෙනත් ඇදුම් ඇදගෙන පාසැල් පැමිණෙමින් සිටියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
98
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?