කලාපීය බල පොරයෙන් වැනසෙන දකුණු චීන මුහුද – කොරල්පර අක්කර දහස් ගණනක් දැනටමත් විනාශයි

දකුණු චීන මුහුද යනු ශාක හා සතුන්ගේ සිට එය මත යැපෙන මිනිසුන් දක්වා ජීවයෙන් පිරී ඇති වැදගත් පරිසරයක්.

මෙම සමස්ත පද්ධතිය දිගුකාලීනව ආරක්ෂා කිරීමට ලෝකයම ප්‍රමුඛත්වය දිය යුතු අතර ඊට භූ දේශපාලනික කෝණයෙන් ඔබ්බට අවධානය යොමු කළ යුතුයි.

දකුණු චීන මුහුද සාගර ජෛව විවිධත්වයේ ලොව ප්‍රමුඛයා වන අතර අද්විතීය විශේෂ 6,500 කට වඩා එහි හමුවනවා.

දකුණු චීන මුහුදේ, තරඟකාරී භෞමික හිමිකම් ඇති රටවල් ඔවුන්ගේ පැවැත්ම ශක්තිමත් කරන මුරපොලවල් තැනීම සඳහා නිරන්තර කැණීම් සහ ගොඩකිරීම් සිදු කරනවා.

කෙසේ වෙතත්, එහි පාරිසරික පිරිවැය අතිමහත්.

මේ හරහා මුහුදු පත්ලේ සැළකිව යුතු කොටස් හාර ඉවත් කර ඇති අතර, පසුගිය දශකය තුළ සියුම් පරිසර පද්ධති බොහෝ ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

CSIS Asia Maritime Transparency Initiative (AMTI) විසින් වාණිජ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයකින් කලාපයේ කැණීම් හේතුවෙන් සිදුවන හානිය මැන බැලීමකදී සොයා ගැණුනේ කොරල්පර අක්කර 4,648ක් කැණීම් හේතුවෙන් විනාශ වී ඇති අතර ඉන් වැඩිම හානියකට චීනය වගකිව යුතු බවයි.

දකුණු චීන මුහුද අග්නිදිග ආසියාවේ ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික යහපැවැත්ම යන දෙකටම වැදගත්.

එය ලෝකයේ මසුන් ඇල්ලීමෙන් 12% ක් සපයන අතර මසුන් ඇල්ලීම මිලියන සංඛ්‍යාත පිරිසකගේ ජීවනෝපාය වී තිබෙනවා.
දකුණු චීන මුහුදේ කොටස්වලට හිමිකම් කියන රටවල් අතර පවතින දේශපාලන ආරවුල් වසර ගණනාවක් තිස්සේ මෙම ධීවර කර්මාන්තය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම වළක්වා තිබීමත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

සමුද්‍ර පරිසරයට වන හානිය වෙරළබඩ ජාතීන් විසින් සිදුකරන මිනිස් ක්‍රියාවල සෘජු ප්‍රතිඵලයක් බව සැකයක් නැහැ.

මෙම රටවල් ප්‍රමාද වීමට පෙර හානිකර භාවිතයන් නැවැත්වීමට සහ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට පෙරමුණ ගත යුතුයි.

විශේෂයෙන්ම චීනය දූපත් ගොඩනැගීම සහ අධික ලෙස මසුන් ඇල්ලීම හරහා කොරල්පර විනාශ කරමින් ගැටලුවට ප්‍රධාන දායකත්වයක් ලබා දී තිබෙනවා.

දේශගුණික විපර්යාස නිසා ජීව විද්‍යාත්මක හා ඛනිජ සම්පත් වලින් පොහොසත් මෙම කලාපයට ද අහිතකර ලෙස බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එබැවින් විසඳුම් සෙවීම සඳහා විද්‍යාත්මක සහයෝගීතාවය සහ දත්ත හුවමාරුව ඉතා වැදගත්.

කෙසේ වෙතත්, චීනයේ විනිවිදභාවය නොමැතිකම සහ මිලිටරි ව්‍යාප්තිය කෙරෙහි අවධානය යොමු කිරීම සාමකාමී විසඳුමක් අවිනිශ්චිත බව පෙනෙන්නට තිබෙනවා.

මේ වන විට දකුණු චීන මුහුදේ පාරිසරික අර්බුදය සම්බන්ධයෙන් කඩිනම් ගෝලීය අවධානයක් යොමු විය යුතුයි.

ඒ, චීනයේ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම්, අධික ලෙස මසුන් ඇල්ලීම, දූපත් ගොඩ නැගීම සහ යෝධ ක්ලැම් අස්වනු නෙලීම, අත්‍යවශ්‍ය පරිසර පද්ධති විනාශ කරමින්, සාගර ජීවීන් සහ මිලියන සංඛ්‍යාත ජීවනෝපායන් අනතුරේ හෙළන බැවිනුයි.

ජාත්‍යන්තර සම්මතයන් සහ සමුද්‍ර සංරක්ෂණය නොසලකා හැරීම ගෝලීය ජෛව විවිධත්වයට තර්ජනයක් වන බැවින් චීනයේ විනාශකාරී භාවිතයන් නැවැත්වීමට සහ තිරසාර විසඳුම් ක්‍රියාත්මක කිරීමට හදිසි ජාත්‍යන්තර සහයෝගීතාවයක් අවශ්‍ය වනවා.

දකුණු චීන මුහුදේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම කලාපීය ස්ථාවරත්වය සහ ගෝලීය පාරිසරික සෞඛ්‍යය සඳහා ද ඉතා වැදගත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37


?