කරන්දෙණියේ කතක් සමඟ අනියම් පෙමින් බැඳුණු පොලිස් අනංගයා කූඩුවේ

ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ අවිවාහක කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පැවැත් වූ බවට සැකපිට පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරන්දෙණිය පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු අයෙක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මොහු විවාහකයෙකු වන අතර, තමන් විවාහකයෙකු බවට නොපවසා සැරයන්වරයා අදාළ කාන්තාව සමඟ මෙම ඇසුර පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පොලිස් සැරයන්වරයා අදාළ කාන්තාව සමඟ වසරක පමණ කාලයක සිට මෙම අනියම් සබඳතාව පවත්වාගෙන ගොස් ඇති අතර, ඔහු විවාහක අයෙකු බවට කාන්තාවගේ සහෝදරයෙකු දැනගැනීමත් සමඟ ආරවුලක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේ දී සහෝදරයා විසින් මොහුව අල්ලා පොලිසිය වෙත භාරදීමටයි කටයුතුකර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද දින (30) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
අවුල් වගේ !
6
හරි හිනා !
14
හම්මෝ !
5
මාර දුකයි !
6
මලපනිනව !
5
කුජීතයි !
6
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?