කම්හලක අනතුරකින් පුද්ගලයෙකු මරුට

කොටදෙණියාව කර්මාන්තශාලාවක අනතුරකින් 37 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඔහු කොටදෙණියාව, ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක යන්ත්‍ර ක්‍රියාකරන්නෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අනතුරට පත් පුද්ගලයා ඊයේ පස්වරුවේ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතී තිබූ යන්ත්‍රයක් පරීක්ෂා කිරීමේදී යන්ත්‍රය නැවත ක්‍රියාත්මක වීම ඊට සම්බන්ධ බෙල්ට් එකකට සිර වීමෙන් තුවාල ලබා මරණයට පත්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මියගොස් ඇත්තේ මඩිතියවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

මෘත ශරීරය දිවුලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර කොටදෙණියාව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
9
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?