මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.එයින් උතුරු සහ උඩරට දුම්රිය ගමනාගමනයට බාධා සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
සිදුවූ අනතුරෙන් පසු එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුම් දෙනවා.
විකල්ප මාර්ග සඳහන් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
+1
2
+1
11
+1
2
+1
1



