spot_imgspot_img
spot_img

සෝලා පැනල් තොගයක් බහාලුමෙන් ඉවතට ගනිමින් සිටි අයෙකු ජිවිතක්ෂයට (ඡායාරූප)

පාණදුර, මෝදරවිල කර්මාන්තශාලා භූමියකදී ටොන් 3ක් පමණ බර සෝලා පැනල් ගබඩා කර තිබූ පෙට්ටියකට යටවීමෙන් ඒවා සවි කරන නියෝජිතවරයෙක් මිය ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා මෝදරවිල පුද්ගලික කර්මාන්ත ශාලාවකට සෝලා පැනල් තොගය කන්ටේනර් පෙට්ටියක බහා රැගෙන විත්, බර ඔසවන යන්ත්‍රයකින් (forklift) එය ඉවතට ගැනීමේදී එක් පසෙකට බර වී, පෙට්ටිය පෙරළීමෙන් අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සෝලා පැනල් සමාගමක උප නියෝජිතවරයෙකු වශයෙන් කටයුතු කළ මොහු මාතර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පානදුර දකුණ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?