කන්කසන්තුරේ වරායේ නව මගී පර්යන්තයක්

මගී යාත්‍රා සේවය ආරම්භ කිරීමට අවශ්‍ය නව මගී පර්යන්තයක් කන්කසන්තුරේ වරායේ ඉදි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාවේ පාන්ඩිචෙරී කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා මගී යාත්‍රා සේවාවක් ක්‍රියාත්ම කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

පළමු යාත්‍රාව අප්‍රේල් 29වනදා පැමිණීමට නියමිත බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළා.

කන්කසන්තුරේ වරායේ යටිතල පහසුකම් දියුණු කිරිමේ වැඩපිළිවෙල යටතේ මගී පර්යන්තය ඉදි කෙරෙන අතර සමස්ත සංවර්ධන කටයුතු සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 144ක්.

වරාය අධිකාරිය එම ප්‍රතිපාදන ලබාදෙන අතර ඉදි කිරීම් සදහා දායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.

මගී පර්යන්තයේ ඉදි කිරීම් මේ වන විටත් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මගී යාත්‍රාවක වරකට මගීන් 150 දෙනෙකුට ගමන් කළ හැකි අතර ගමනාන්තය සදහා වැයවන කාලය පැය 4ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?