ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 106 හි විධිවිධාන අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව ද කථානායකවරයා පාර්ලිමේන්තුව දැනුම් දෙනු ලැබුවා.





