AFC Banner
AFC Banner
Empty Ad

කතානායකගේ ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ගැලවෙයි

වත්මන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් කටයුතු කරන මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් සහ ඔහුට ඇතැයි කියන ‘ ආචාර්ය උපාධිය සහ පශ්චාත් උපාධිය’ සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල වශයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් මතු වුණා.

මීට දින තුනකට ඉහතදීත් ඒ සම්බන්ධයෙන් කතානායකවරයා පවසා සිටියේ තමන්ට සහ පක්ෂයට අපහාස කිරීමේ අරමුණින් ඇතැමුන් විවිධ චෝදනා කරන බවයි.

අදාළ චෝදනාවලට මේ මොහොතේ පිළිතුරු සැපයීම අත්‍යවශ්‍ය නොවන බව ද කතානායකවරයා පෙන්වාදුන්නා.

තමන් මොරටුව විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හා ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් ලබාගෙන ඇති බවයි කතානායකවරයා කියා සිටියේ.

කෙසේවෙතත් මෙවන් තත්ත්වයක් මත පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් කතානායකවරයාගේ නමට ඉදිරියෙන් තිබූ ‘ ආචාර්ය’ තනතුර ඉවත් කර තිබෙන අයුරු දැකිය හැකි වනවා.

පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් පත් වූ පසුව ඔහුගේ නම ඉදිරියෙන් ‘Dr – ආචාර්ය අසෝක සපුමල් රන්වල ලෙසින් තිබුණ ද, මේ වනවිට ඇත්තේ අසෝක සපුමල් රන්වල යන නමින් පමණයි.

මෙම වෙනසට හේතුව කුමක් දැයි නිශ්චිතව පාර්ලිමේන්තු මහලේකම් කාර්‍යාලයෙන් නිල පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

කුමක් හෝ කාරණයක් මත මේ වනවිට කතානායකවරයාගේ ආචාර්‍යය තනතුර නම් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ගලවා දමා තිබෙනවා.

WhatsApp Image 2024 12 10 at 11.20.36 1
WhatsApp Image 2024 12 10 at 11.20.36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
20
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?