spot_imgspot_img

කතරගම පුදබිමේ ඇසළ පෙරහර මංගල්‍ය අද සිට

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍ය අද (19) ආරම්භ වනවා.

අද ඇරඹෙන මෙවර ඇසළ පෙරහර මංගල්‍ය ලබන ජූලි මස 04 වන දින දක්වා පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

රුහුණු කතරගම දේවාලයේ වසරක් තුළ පැවැත්වෙන මංගල්‍යයන් අතරින් ඇසළ පෙරහර මංගල්‍ය විශේෂ වන අතර, මෙවර පෙරහර මංගල්‍ය වෙනුවෙන් කප් සිටුවීමේ මංගල්‍යය පසුගිය 09 වනදා සිදුකරනු ලැබුවා.

මේ අතර මෙවර ඇසළ මංගල්‍ය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට මධ්‍යම පරිසර අධිකාරිය විශේෂ ඉල්ලීමක් කරනවා.

ඒ, අනුව වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙසයි එම අධිකාරිය ඉල්ලා සිටින්නේ.

වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මංගල්‍ය වෙනුවෙන් බැතිමතුන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර, එලෙස පැමිණෙන අය විසින් අක්‍රමවත්ව කසළ බැහැර කිරීම හේතුවෙන් කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශ වල ඝණ අපද්‍රව්‍ය ටොන් 1,700ක පමණ ප්‍රමාණයක් එක් රැස් වන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?