කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරාසැල් ජූනි මස 19 වෙනිදා සිට ජූලි මස 04 වැනිදා දක්වා වසා තැබේ

රුහුණූ කතරගම දේවාලයේ ඇසල මංගල්‍ය නිමිත්තෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සියළුම සුරා සැල් ජූනි මස 19 වෙනිදා සිට ජූලි මස 04 වැනිදා දක්වා වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

ඇසල පෙරහැර මංගල්‍ය පැවැත්වෙන කාලය කතරගම සහ අවට මතින් තොර කලායක් බවට පත් කිරීම සදහා අවශ්‍ය කටයුතු මේ විට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.එම කාලය තුළ ප්‍රදේශයේ  නීති විරෝධී මත් පැන් වැටලීම සදහා ඌව පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?