මොරගහහේන, ධම්මානන්ද ප්‍රදේශයේ කඩුවක් රැගෙන සැරිසරමින් කාන්තාවන් බියට පත් කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකුට කාන්තාවන් පිරිසක් පහර දී ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, පහර දීමෙන් තුවාල ලබා මාර්ගයේ වැටී සිටි පුද්ගලයා, ඔහුගේ මිතුරන් විසින් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කරනු ලැබ ඇති බව ය.
වයස අවුරුදු 35ක් පමණ වන එම පුද්ගලයා ඊයේ (දෙසැ. 22) දහවල් කාලයේදී ධම්මානන්ද ප්‍රදේශයේ නිවාස කිහිපයකට කඩුවක් රැගෙන ගොස් “මාව හඳුනනවා දැයි,” කාන්තාවන් ගෙන් විමසා තිබේ.
එහිදී ”හඳුනා ගැනීමට අවශ්‍යතාවක් නැතැයි” පවසා ඇති කාන්තාවකට එම පුද්ගලයා කඩුවෙන් පහර දීමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී කාන්තාවන් පිරිසක් එකතු වී ඔහුට පහරදී ඇතැයි සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය පවසා පැවසීය.
පොලිසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයකදී ම මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකු බව ය.
ඔහු මොරගහහේන, ගොඩැල්ලහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොරගහහේන පොලිසිය මගින් සිදු කරයි.