AFC Banner
Empty Ad
Empty Ad

කටුනායක දී ගමන් මල්ලක් සොරකම් කළ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

කටාර් රාජ්‍යයේ සිට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මල්ල සොරාගත් කාන්තාවක මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත තිබෙනවා.

පොලිසිය පැවසුවේ, මෙම තැනැත්තිය මැදපෙරදිග රටවල් 5කට ඇතුලු වීම තහනම් කර තිබූ ගෘහ සේවිකාවක බවයි.

මැය කටාර් රාජ්‍යයේ ගෘහ සේවයට ගිය ද එරටින් ද පිටුවහල්කර තිබුණා.

අදාළ ගුවන් මගියා සහ මෙම කාන්තාව එකම යානයකින් පැමිණ තිබූ අතර එම අවස්ථාවේදී ඇය ගමන් මල්ල සොරකම් කර තිබෙනවා.

ආරක්ෂිත කැමරා පරීක්ෂා කර සැකකාරිය සහ ගමන් මල්ල අත්අඩංගුවට ගැනුණා.

කෙසේ වෙතත් එහි තිබූ රුපියල් ලක්ෂ පහකට වඩා වටිනා රන් භාණ්ඩ ඒ වන විටත් උකස් කර තිබු බවයි පොලීසිය පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?