ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය වී තිබෙනවා.
ඇය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් වන අතර ඇය මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරමින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 32.8 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 70 ක් පමණ) මුදලක වාර්ෂික වැටුප් පැකේජයකට මෙම වසරේ ඇය හිමිකම් කියා තිබේ.
පෙර වසරට සාපේක්ෂව ෂෙමාරා වික්‍රමනායක මහත්මියගේ මෙම වසරේ වැටුප් පැකේජය සියයට 30 කින් වර්ධනය වීමක්.
මැකෝරි සමූහ ව්‍යාපරය ඕස්ට්‍රේලියාව කේන්ද්‍රකරගත් දැවැන්ත මූල්‍ය සමාගම් සමූහයකි.ෂෙමාරා වික්‍රමනායක මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස 2018 වසරේ පත්ව ඇත.