spot_imgspot_img

ඕස්ට්‍රේලියාවෙන් දැඩි පීඩනයක් – පන්දු 60කට කිසිඳු හයක් හෝ හතරක් නැහැ

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ දී මේ වන විට ක්‍රියාත්මකයි.

කාසිය වාසිය දිනූ ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම මේ වනවිට පළමුව පන්දුවට පහරදෙමින් සිටිනවා.

ඉන්දීය පිළ මේ වනවිට පන්දුවාර 22ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 121ක් රැස්කරගෙන සිටින අතර, ඉන්දීය ඉනිමේ දෙවන පන්දුවාර 10 තුළ (පන්දුවාර 11 සිට 20 දක්වා) කිසිඳු හයේ පහරක් හෝ හතරේ පහරක් වාර්තා කිරීමට ඕස්ට්‍ර්ලියානු පන්දු යවන්නන් ඉඩ ලබානොදීම ද විශේෂත්වයක්.

මෙවර තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම හයේ පහරක් හෝ හතරේ පහරක් වාර්තා නොකළ ක්‍රීඩා කළ වැඩිම පන්දු සංඛ්‍යාව ද මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
2
+1
42
+1
0
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?