ඕස්ට්‍රේලියානු නායකයාට තුන්වන ටෙස්ට් තරගය මඟ හැරෙයි

ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ට ඉන්දියාවට එරෙහිව ඉන්දෝර් හිදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය අහිමිව යන බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

සිය මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් යළි ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබීම හේතුවෙන් ඔහුට මෙම තරගය සඳහා සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය නිමවී පැය කිහිපයකට පසු පැට් කමින්ස් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබුණා.

කෙසේ වෙතත් බදාදා ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගයට පෙර ඔහු මෙම සති අන්තයේ ඉන්දියාවට පැමිණෙන බවටයි ප්‍රකාශ කර තිබුණේ.

කමින්ස් එම තීරණය වෙනස්කරමින් ඔහුගේ පවුලේ අය සමඟ නිවසේ රැඳී සිටීමට ඔහු තීරණය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ටෙස්ට් උප නායක ස්ටීවන් ස්මිත් ඉන්දෝර්හිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

පැට් කමින්ස් නායකත්වයට පත්වීමෙන් පසු ස්මිත් ටෙස්ට් තරගවල දී දෙවරක් කමින්ස් වෙනුවට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?