ඕනෑම මොහොතක ඡන්දයකට සූදානම් – නාමල් (වීඩියෝ)

ඕනෑම අවස්ථාව ඕනෑම මැතිවරණයකට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ නාවලපිටිය ප්‍රදේශයේ අද (16) පැවති පොදුජන පෙරමුණේ “එක්ව නැගිටිමු” ජනරැළි මාලාවේ දෙවැනි ජන රැළිය අමතමින්.

තරුණ පරම්පරාවේ බලාපොරොත්තු හඳුනාගෙන නවීකරණය වූ පක්ෂයක් ලෙස ඉදිරි ගමන යාමට බලාපොරොත්තුවන බවයි ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර මෙම රැළිය අමතමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ පොදුජන පෙරමුණේ තනතුරු සඳහා අලුත් මුහුණු ගෙන ආ යුතු බවයි.

https://youtu.be/fAs_zZb16TY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?