ඔස්ට්‍රේලියාවට ලකුණු 62ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවති තරගයෙන් ලකුණු 62ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනූ පාකිස්ථානය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 367ක් රැස් කළා.

ඩේවිඩ් වෝනර් ලකුණු 163යි. පන්දු 124කින් ඔහු එම ලකුණු 163 ලබා ගත්තේ හතරේ පහර 14ක් සහ හයේ පහර 9ක් ද සමගින්.

මිචෙල් මාර්ෂ් පන්දු 108කින් ලකුණු 121ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 10ක් සහ හයේ පහර 9ක් ද සමගින්.

ග්ලේන් මැක්ස්වෙල් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි කඩුලු 5ක් බිඳහෙලුවා. Haris Rauf කඩුලු 3යි.

ඒ අනුව තරගය ජය ගැනීමට පාකිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 368ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි පාකිස්ථානයට පන්දුවාර 45යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 305ක් පමණයි.

Imam-ul-Haq ලකුණු 70ක් සහ Abdullah Shafique ලකුණු 64ක් ලබා ගත්තා. Mohammad Rizwan ලකුණු 40යි. Saud Shakeel ලකුණු 30ක් ලබා ගත්තා. Adam Zampa කඩුලු 4ක් බිඳ හෙලුවා. Pat Cummins සහ Marcus Stoinis කඩුලු 2 බැගින් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?