ඔමික්‍රෝන් වලින් මේ අයට අවධානම බොහොම අඩුයි…..

පුද්ගලයෙකු එන්නත් තුනම ලබාගෙන සිටිනම් ඔහු ඔමික්‍රොන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද ඔහුට කොවිඩ් වැලඳීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළාය.

“ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳුන සාමාජිකයෙක් ඔබගේ පවුලේ සිටියත්, ඇත්තටම ඔබ නිරෝගි පුද්ගලයෙක් ඒ වගේම කොවිඩ් එන්නත සඳහා දෙන එන්නත් තුනම ලබාගෙන සිටින කෙනෙක් නම්, ඔබ ළඟින්ම මේ රෝගියාගේ ආශ්‍රිතයෙක් වුණත් ඔබට මේ රෝගය වැලඳීමට තියෙන අවකාශය ඉතාමත් අඩුවෙනවා. ඒ වගේම වැලඳුනත් ඔබ සංකූලතාවලින් තොරව මේ රෝගය ඉක්මනින් සුව වෙන්න පුළුවන් හැකියාවක් ඔබට තියෙනවා. ඒ නිසා ඇත්තටම ඔබගේ එදිනෙදා කටයුතුවලින් ඉවත්වෙලා, ඔබ වෙන්ව දවස් ගානක් ඉස්සර ඩෙල්ටා ප්‍රභේදයේ හිටියා වගේ, මේ අවස්ථාවේ දී ඉන්න අවශ්‍යතාවයක් නෑ. ඔබගේ එදිනෙදා කටයුතු කරගන්න මේ මඟින් කිසිදු බාධාවක් වෙන්නේ නෑ.”

මේ අතර අද (31)දිනයේ සිට ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන යොදාගනිමින් බුස්ටර් එන්නත ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, කොවිඩ් බුස්ටර් එන්නතේ සුළු සංකුලතා ඇති වුවද එය බරපතළ තත්ත්වයක් නොවන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයියෝ.. කොහේ ඉඳලා එනවද මන්දා - මාධ්‍යවේදීන්ව දැක්ක මෛත්‍රීට තදවෙයි
02:03
Video thumbnail
රෝහිතගේ දුව බයේ ගෙදරින් පැනලා ගිහින් ??
01:03
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11


?