ඔන්ලයින් පංති කල ගුරා අමුතු පාඩමක් දැරියට කියාදිලා

මාර්ගගත අධ්‍යාපනය ලබාදෙන අතරවාරයේදී 15 හැවිරිදි දැරියකට අසභ්‍ය ඡායාරුප යවා ලිංගික හිංසනයට ලක් කළ බව කියන විද්‍යා විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයකු පානදුර , දිග්ගල දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .

දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දුරකතනය හරහා කරන ලද පැමිණිල්ලකින් පසු එයින් ලද උපදෙස් අනුව පිළියන්දල පොලිසියට ඒ පිළිබඳ පැමිණිලි කළ බව පොලිසිය කියයි . කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරිය මෙම වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇති අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා සැකකාර ගුවරුවරයා උගන්වන මහරගම උපකාරක පන්තියකට මව්පියන් විසින් යොමුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත . කොරෝනා වසංගත තත්ත්වය මත පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් උපකාර පන්තියට පැමිණෙන සිසු දරු දැරියන්ට මාර්ගගත අධ්‍යාපනය ඔස්සේ විද්‍යා විෂය සඳහා දැනුම ලබාදීමට සැකකාර ගුරුවරයා විසින් කටයුතු කර තිබූ බවත් පොලිසිය කියයි .

පසුගිය දිනෙක මෙම සැකකාර ගුරුවරයා පැය දෙකක කාලයක් දැරියට මාර්ගගත අධ්‍යාපනය ලබාදී ඇති අතර රාත්‍රී 9 ට පමණ දැරිය නින්දට ගිය අතරවාරයේදී මව ඇයගේ ජංගම දුරකතනය පරික්ෂා කිරිමේදී සැකකාර ගුරුවරයා විසින් වට්ස්අප් තාක්ෂණය ඔසේ එවන ලද අසභ්‍ය කෙටි පණිවිඩ කීපයක් දැක දැරියගෙන් ඒ පිළිබඳ විමසා ඇතැයි පොලිසිය කියයි . ගුරුවරයා දැනට මාස කීපයක සිට මෙයාකාරයෙන් කාන්තාවන්ගේ උඩුකය නිරුවත් ඡායාරූප සහ වෙනත් ඡායාරූප තමන් වෙත එවා ඒ ආකාරයෙන් තමගේ ද නිරුවත් ඡායාරූප එවන ලෙස වට්ස්අප් තාක්ෂණය ඔස්සේ තමාට කෙටි පණිවුඩ එවූ බවත් ඊට ප්‍රතිචාර වශයෙන් අන්තර්ජාලය ඔස්සේ ලබාගත් ඡායාරූප කීපයක් ගුරුවරයා වෙත යැවූ බව දැරිය මව්පියන්ට පවසා ඇතැයි පොලිසිය කියයි . සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන් කරුණු විමසීමත් සමගම ලජ්ජාවට පත් වූ දැරිය නිවෙසේ තිබූ පෙති වර්ගයක් පානය කිරිම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර , ඇයගේ තත්වය එතරම් බරපතළ නැතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය .

මේ පිළිබඳ අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ දිනවල බොහෝ දරුවන් මාර්ගගත අධ්‍යාපනයට නැඹුරු වී තිබෙනවා . ඔවුන් දිනකට කාලයෙන් වැඩි වේලාවක් ජංගම දුරකතනය හා හුදෙකලාවීම සිදුවෙනවා . මෙම සිද්ධිය මෙයාකාරයෙන් හෝ නිමා වූයේ එම මාපියන්ගේ සිය දරුවා සම්බන්ධයෙන් සැලකිලිමත් වූ නිසයි . සැකකාර 35 හැවිරිදි ගුරුවරයා විවාහක දරුවන් ද සිටින තැනැත්තකු බව පොලිසිය කියයි . බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , බස්නාහිර දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය , ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර , ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෙපතිරණ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති අශෝක විජේසූරිය , ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් සැරයන් 4202 කුසුම් , පොලිස් කොස්තාපල් ඉෂාර මහත්ම මහත්මීහු පරික්ෂණ පවත්වති .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?