ඔන්ලයින් නැතුව පාඩම් උගන්වන්න රජයෙන් අලුත් වැඩක්

සියලු ශ්‍රේණිවල දරුවන් සඳහා විෂය නිර්දේශයට අනුව සකස් කළ පාඩම් මාලා විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසනවා.

පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවද පාසල් අධ්‍යාපනය හදාරන සිසු දරුවන්ට අධ්‍යාපනය අඛණ්ඩව ලබා දීම සඳහා රජය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ රූපවාහිනී නාලිකා ආරම්භ කිරීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පාසල් අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන්  අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

පළමු වසරේ සිට 13 වසර දක්වා වන අධ්‍යාපන නාලිකා 13කුත් උසස් පෙළ විවිධ විෂයය ධාරාවන් යටතේ වන නාලිකා 04කුත් වශයෙන් මෙම නාලිකා ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, එමගින් රූපවාහිනිය ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය අඛණ්ඩව හැදෑරීමට අවස්ථාව හිමිවන බවත්, අමාත්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව දැනටමත් විෂය මාලා සම්බන්ධයෙන් වන රූපවාහිනී වැඩසටහන් පටිගත කරමින් පවතින බවත්, එම පටිගත කිරීම් අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණයට භාජනය වන බවත්, නුදුරේදීම එම පටිගත කිරීම් සූදානම් වූ විගසම අදාළ පටිගත කළ අධ්‍යාපන වැඩසටහන් රූපවාහිනිය හරහා විකාශය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් වන සහාය රජයේ නාලිකාවලින් මෙන්ම පෞද්ගලික නාලිකාවලින්ද ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?