එළවළු පැටවූ ලොරි රථයක් තෙල් බවුසරයක ගැටී අනතුරක් – එක් අයෙකුට බරපතළයි (වීඩියෝ)

එළවළු ලොරි රථයක් සහ බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ලොරි රථයේ සහායක බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

A9 මාර්ගයේ මිහින්තලය – පලුගස්වැව ප්‍රදේශයේ දී අද අලුයම 03ට පමණ මෙම අනතුර සිදු වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; එළවළු ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවත්, ඉන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙසේ රෝහලගත කර ඇත්තේ එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා වන අතර එම ලොරි සහයකයාගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස තුවාල ලැබූවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම ලොරි රථය, යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු ප්‍රවාහනය කරමින් සිටියදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බහුසරයක පිටුපස ගැටී එළවළු ලොරි රථය පෙරළී ගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර පොලිසිය පවසන්නේ එළවළු ලොරි රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?