එස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධ අතරමැදි පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයට

එක්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන මුහුදු බත්වීමේ සිද්ධිය හා ඊට අනුබද්ධිත සෙසු අල්ලස් හා දුෂණ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කර ඇති පෙත්සමට අතරමැදි තවත් පෙත්සමක් පසුගියදා ගොණු කර ඇත.

එස්ප්‍රස් පර්ල් නෞකාව 2021 මැයි මස 20 වෙනිදා කොළඹට නුදුරු මුහුදේදී ගිනි බත් වී විනාශයට පත්ව අනතුරුව ගිලී ගියේය.මෙම නෞකා අනතුර හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට දැඩි ලෙස හානි සිදු වී ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

එස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශ වීම හා ඊට අනුබද්ධිත අල්ලස්,දුෂණ හා පර්යේෂණ ප්‍රමාද වීම් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ට්‍රාන්ස්ෆේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය (TISL), පරිසර යුක්ති කේන්ද්‍රය(CEJ) සහ තවත් තිදෙනෙකු විසින් විසින් අංක SC/FR/168/2021 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කර ඇත.එසේ ගොණු කර ඇති පෙත්සමට අතරමැදි පෙත්සමක් පසුගිය 12 වෙනිද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙර පෙත්සම්කරුවන් විසින්ම ගොණු කර ඇත. තමන් මෙම මැදිහත්වීම සිදු කරණු ලබන්නේ මහජන සුභ සාධනය වෙනුවෙන්ම බවද පෙත්සම්කරුවන් සදහන් කරයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන මුහුදු බත්වීම හේතුවෙන් වන්දි ඉල්ලීමේ ක්‍රියාවලියේදී සිදුවී ඇති බව කියන අක්‍රමිකතා, තත්ත්වය හැසිරීමේදී ඇති වී තිබෙන බව කියන වැරදි,කඩාකප්පල් කිරීම්, අල්ලස් සහ දුෂණ චෝදනා බරතපල බවද පෙත්සම්කරුවන් සදහන් කර ඇත.

MV X-Press Pearl නමින් හදුන්වන මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගිනි ගෙන විනාශයට පත්ව මුහුදු බත්වීම මෙරට මුහුදු තතීරයේ සිදුවී ඇති දරුණුතම සමුද්‍ර හානිය බව පෙත්සම්කරුවන් සදහන් කර ඇත.මෙම නෞකා අනතුරින් පසුව ශ්‍රී ලංකා බලධාරීන් ඒ සම්බන්ධයෙන් සිදු කර ඇති ක්‍රියාකාරකම් වලදී එම නැව් හිමියාගේ රක්ෂණ සමාගමේ නියෝජිතයෙකු වන International Tanker Owners Pollution Federation Limited (ITOPF) ආයතනයේ සහාය ලබා ගෙන ඇති බවටද චෝදනාවක් ඇත.

ගොණු කර ඇති අතරමැදි පෙත්සම ජුනි 15 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නියමිතව ඇත.
එස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් සිදුවී ඇති හානියට වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රජය මේ වන විට සිංගප්පූරුවේ අධිකරණයක් හමුවේ නඩුවක්ද පවරා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයියෝ.. කොහේ ඉඳලා එනවද මන්දා - මාධ්‍යවේදීන්ව දැක්ක මෛත්‍රීට තදවෙයි
02:03
Video thumbnail
රෝහිතගේ දුව බයේ ගෙදරින් පැනලා ගිහින් ??
01:03
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11


?