එලවළු මිලෙහි ලොකු වෙනසක්

එලවළු තොග සැපයුම ඉහලයාම හේතුවෙන් ඊයේ ( 18දා) දේශීය ලොකු ලූනු සහ එළවළු තොග මිල පහළ ගිය බව දඹුල්ල තොග එළවළු වෙළෙන්දෝ පැවසූහ.

ඒ අනුව බෝංචි සහ මාළු මිරිස් හැර උඩරට, පහතරට, යාපනය, වයඹ පලාත්වලින් ලැබුණ එළවළුවල තොග මිල පහළ ගිය බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළද මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති ශාන්ත ඒකනායක පැවැසීය.

රුපියල් 80ත් 90ත් අතර තොග මිලක් තිබූ කැකිරි සහ පිපිඤ්ඤා කිලෝවක් ඊයේ රුපියල් 35ත් 40ක් දක්වා පහළ ගිය බවත් බෝංචි කිලෝවක් රුපියල් 400ත් 450ත් මාළු මිරිස් කිලෝවක් රුපියල් 600ත් 650ත් අතර මිලකට අලෙවිවූ බවත් ඔහු පැවැසීය.

තවද අමු මිරිස් තොග මිලද රුපියල් 450 සිට රුපියල් 200ක් දක්වා පහළ ගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
19
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
3
මාර දුකයි !
3
මලපනිනව !
7
කුජීතයි !
8
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?