එමිරේට්ස් සමාගමෙන් සේවකයන්ට බෝනස්

Emirates Group ගුවන් සමාගම සිය වඩාත් ලාභදායී වසර ප්‍රකාශයට පත් කර පැය 24කටත් අඩු කාලයකදී 100,000කට අධික සේවකයන්ට සති 24ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

කෙසේවෙතත් එමිරේට්ස් සමාගම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර ඇත්තේ ඔවුන්ට මේ සම්බන්ධයෙන් ඊමේල් ලැබී ඇති බවයි.

එමිරේට්ස් එයාර්ලයින් සහ සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටූම් එම සේවකයින්ට දන්වා ඇත්තේ මෙම ප්‍රසාද දීමනාව මැයි මස වැටුප සමග ලැබෙන බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා Emirates සමාගම සිය 2022-23 වාර්ෂික වාර්තාව නිකුත් කළ අතර වාර්තාගත වාර්ෂික ලාභය Dh10.9 (US$ බිලියන 3.0) වාර්තා කර තිබෙනවා.

මෙමගින් පසුගිය වසරේ සමාගමේ අලාභ තත්ත්වය සම්පූර්ණයෙන් පියවා ගැනීමට හැකි බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
1
+1
8
+1
8
+1
6
+1
8
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?