එක රැයකට ලක්ෂ හතක් හෙවූ කත්‍රිනාගේ අරුම පුදුම විවාහයේ රහස

කත්‍රිනා කියන්නෙ පහුගිය කාලය පුරාවටම උණුසුම් පුවත් මවන්නියක් වෙලා හිටපු කෙනෙක්.

බොලිවුඩයේ ‘චොකලට් කොල්ලා’ නැමැති අන්වර්ථයෙන් හඳුන්වන රන්බීර්ගෙ පටලැවිල්ලෙන් ලිහුණට පස්සෙ ඇයට ඇයගෙ ආත්ම සහකරු මුණ ගැහෙනවා.
ඇය විකී කෞෂාල් එක්ක විවාහා වෙන්නෙ අවුරුදු දෙකක සම්බන්ධතාවයකට පස්සෙ. කත්‍රිනාගෙ විවාහයත් එසේ මෙසේ එකක් නම් නෙමෙයි. ඒක මුළු බොලිවුඩයේම කතා බහට ලක් වුණු එකක්.

පසුගිය 9 වැනිදා නෑදෑ හිතමිතුරන් පිරිවරාගෙන එය රාජස්ථානයේ තරු පන්තියේ නිවාඩු නිකේතනයක පැවැත්වුණා. ඒ වගේම එයට බොලිවුඩ් සිනමා තරු රැසක් පැමිණ සිටියා. හැබැයි ඒ විවාහ උත්සවය කොයි තරම් සුවිශේෂී එකක්ද කියනවා නම් අඩුම තරමේ විවාහා උත්සවයේ ආරාධිතයින්ට පෞද්ගලිකව ඡායාරූපයක්වත් අරගන්න අවසර තිබුණේ නැහැ.

කොටින්ම ඔවුන්ගේ විවාහා උත්සවයේ ආරාධනා පත්‍රයට අමතරව නීති රෙගුලාසි පත්‍රයකුත් තිබුණා කියලයි ආරංචි. ඉතින් ඒ විදියේ අපූරු විවාහා උත්සවයකට හිමි කම් කියපු කත්‍රිනා සමාජ මාධ්‍යට නිතරම පින්තූර එකතු කරන්නත් අමතක කළේ නෑ.

“අපිව මේ තරම් දුර අරගෙන ආපු එකම හේතුව ආදරයම පමණයි…”

2019 දි පටන් ගත්තු මේ අපූරු ආදරේ ගැන කත්‍රිනා සමාජ මාධ්‍යවල අදහස් බෙදාගත්තෙ එහෙම.

විකී, කත්‍රිනාගේ විවාහය එහෙන් පිටින්ම රසවත් පුවත් මවපු රස ගුලාවක්. ඔවුන් මධු සමය වෙනුවෙන් නැවතී සිටි හෝටල් කාමරයේ එක් දින කුලිය රුපියල් ලක්ෂ 7ක් පමණ වෙන බව තමයි ආරංචි.

කොහොම වුණත් ඔවුන්ගෙ “මධු සමය අතරේ ගත්තු ඡායාරූප” කියලා වෙරළක දණ ගසාගෙන ඉන්න ඉරියව්වකින් ගත්තු ඇගේ උණුසුම් ඡායාරූප කිහිපයක් රසිකයින් අතර වේගයෙන් සංචරණය වෙමින් තිබුණා. ඒත් ඒ ඔවුන් මීට පෙර වතාවක මාලදිවයිනේදී ගත්තු ඡායාරූප බවයි ඔවුන් කියන්නේ. ඒ වගේම ඔවුන් මධු සමය ගත කරන්න තෝරගත්තු තැන තාමත් පැපරාසින්ට සහ රසිකයින්ට රහසක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයින් වෙනුවෙන් දහම් කතිකාවක් | දැවෙන සිතට දම් සිසිලක් | සජීවී විකාශය 🔴
00:00
Video thumbnail
කාලසටහනක් නිසා ලංගම ප්‍රයිවට් බස් දෙගොල්ලෝ ලොකු අවුලක්
08:06
Video thumbnail
පිටකොටුවේ වැසිකිළි ගාස්තු ජාවාරම
00:50
Video thumbnail
පාසලට යන්න පිටත් වෙලා බස් රථයට නැග්ග ගුරුවරියක් අතුරුදන්
01:09
Video thumbnail
සජිත්ට චාන්ස් එකක් දෙන්න ඕනේ - 2029 ජනපති සජිත්..?
04:40
Video thumbnail
තිස්ස ලුණු ඇඹුල් ඇතුව හොදටම දෙසයි - මාලිමාවට තියෙන අසනීපේ අපිට හොද කරන්න පුළුවන් එකක් නෙවෙයි
05:45
Video thumbnail
ආශු ආණ්ඩුවේ ගුණ වයයි - ආණ්ඩුවට කාලයක් දෙන්න ඕනේ
04:42
Video thumbnail
මෙන්න තවත් රජ ගේමක් - සාක්ෂි එක්ක හෙළිවෙයි - බලධාරීන්ගේ අවධානයට
08:43
Video thumbnail
මොළයක් නැති හරක් ද.. නාමල් කෝමාවට ගිහින් ද..?
04:38
Video thumbnail
අම්මෝ කාගේද මේවා..? සුපිරි යතුරුපැදි රැසක් ගබඩාවක් තුළ තිබි සොයාගැනේ
01:52


?