Fly high Get bonus Aviator Phone

එක දවසට දෙවරක්ම රෝහලෙන් පැන ගිය කොවිඩ් රෝගියා

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියකු දෙවැනි වරටත් ඊයේ (14දා) සවස රෝහලෙන් පැන ගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

ඊයේ (14දා) සවස 3.00ට පමණ මෙම රෝගියා රෝහලෙන් පැන ගොස් සිටි අතර රෝහලේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත දුම්රිය ස්ථානයට යාබද නිවෙසක් අසල රැඳී සිටියදී සොයාගත් බව වාර්තා වනවා.

මෙම රෝගියා ඊයේ (14දා) උදෑසන 6.00ට පමණ ප්‍රථම වරට රෝහලෙන් පැන ගොස් සිටි අතර පැයකට පමණ පසුව රෝහලට යාබද වෙනත් නිවෙසක් අසල රැඳී සිටියදී සොයාගෙන රෝහලට රැගෙනවිත් වාට්ටුවක රඳවා සිටියදී දෙවැනි වරට මෙසේ පැන ගොස් තිබෙනවා.

රාගම ප්‍රදේශයේ පදිංචි මෙම රෝගියා මීට දින අටකට පමණ පෙර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කළ 28 හැවිරිදි අයෙකු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?