AFC Banner
AFC Banner
Empty Ad

එක අරමුණකින් වැඩ කර මාතෘ භූමිය හොඳ රාජ්‍යයක් කරමු – ජනපතිගෙන් ඇරයුම් (වීඩියෝ)

එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කරගැනීමට කැප වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවකයින්ට ආරාධනා කර සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ; ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ අකුරේගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී එක්වෙමින්.

ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා ව එහි කාර්ය මණ්ඩලය විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබුවා.

අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකට ද එක් වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව රජය කැප වී සිටින බවත්, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ව්‍යවස්ථා නීතිවල කුමන අණපනත් පැවතියත්; ප්‍රබල වන්නේ ජනතාවගේ බලය බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ලබා දුන් ජනවරමේ සංයුතිය සහ හැඩතල දෙස බැලූ විට ඔවුන්ගේ එම අපේක්ෂාවන් පිළිඹිඹු කෙරෙන බව ද පැවසුවා.

එහිදි රාජ්‍ය සේවය මෑත ඉතිහාසයේ මැතිවරණයක දී ලබා දුන් 80%කට ආසන්න ප්‍රමාණයක වරමක් රජයට ලබා දුන්නේ මෙම වෙනස ඔවුන්ගේ ද ප්‍රාර්ථනයක් බවට පත්ව තිබෙන නිසා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එබැවින් දේශපාලන අධිකාරිය ලෙස තම රජයට ජනතාවගේ මෙම අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා දේශපාලන නායකත්වය සැපයීම හැර ඉන් පිටත කිසිදු අරමුණක් නැති බව පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට රාජ්‍ය සේවකයන්ගේ සහාය අවශ්‍ය බව‍යි කියා සිටියේ.

සියලු දෙනා අපේක්ෂා කරන මෙම නව පරිවර්තනයේ දී රාජ්‍ය සේවය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමකින් තොරව ඉදිරියට යා නොහැකි බවත්, දියුණු වූ සෑම රටකම එම ආර්ථික සහ සමාජයීය වර්ධනය සඳහා පිම්ම ගෙන දුන්නේ රාජ්‍ය සේවය බවත් පැවසුවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්, ආරක්ෂක අංශ සාමාජිකයන්, ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴පාර්ලිමේන්තුව සජීවීව - 2025.01.24
03:26:31
Video thumbnail
ලබන සඳුදා ජනපති රේගුවට - ආය සෙල්ලම් බෑ
06:30
Video thumbnail
අසහනය පිටකරගන්න කතා හදලා වැඩක් නෑ - 2028දී ආය රට බංකොළොත් වෙන්න පුළුවන්
10:01
Video thumbnail
ලක්ෂ 90ක් අල්ලස් ගද්දී අල්ලපු හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇප මත නිදහස්
02:40
Video thumbnail
විභාග කොමසාරිස් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුව - ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු ගැන ඔබ දැනුවත් ද?
24:22
Video thumbnail
2025 පටන් ගද්දිම මෙන්න අසුබ ආරංචියක් - සෞඛ්‍ය අංශ මගින් අනතුරු ඇඟවීමක්
03:53
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්න ළමයින්ගේ දෙමව්පියන්ට වැදගත් පණිවිඩයක්
02:35
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ හුඹහකින් ආපු තලගොයි පැටියෙක් නෙවෙයි
02:21
Video thumbnail
අණ නොතකා ධාවනය වූ වාහනයකට පොලීසියෙන් වෙ#ඩි වරුසාවක්
01:22
Video thumbnail
අපි තුන්වේලම කන්නේ බත් - විහිළු කතා කියන එක දැන් නවත්තන්න
08:25

?