spot_imgspot_img

එක්ස්ප්‍රස් පර්ල් ගින්න ගැන මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ළඟදීම

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී අනතුරට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිදු කළ පරීක්ෂණයේ නිර්දේශ ජුලි මාසයේ මුල් සතිය තුළ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

2021 වසරේදීයි මෙම නෞකාව අනතුරට ලක්වූයේ.

එම අනතුර හේතුවෙන් සිදුවී ඇති අයිතිවාසිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් සිදු කරනු ලබනවා.

එම පරීක්ෂණයේ පැමිණිලිකාර පාර්ශවයන් ලෙස ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සහ පරිසර යුක්ති කේන්ද්‍රයයි කටයුතු කරනු ලබන්නේ.

එහිදී මෙම සිදුවීම හා සම්බන්ධයෙන් වගකීම් දරණ නියාමන බලතල, හිමිකම් කියූ සහ යම් ආකාරයකින් සම්බන්ධයක් පවතින සියලු ආයතන වෙතින් ප්‍රකාශ සටහන් කරගත් බවයි මානව හිමිකම් කොමිසම කියාසිටියේ.

ඒ අනුව මෙම පරීක්ෂණයට අදාළව මූලික විමර්ශන කටයුතු මේවන විට අවසන් කර තිබෙනවා.

මෙම පැමිණිල්ලට අදාළව නිර්දේශයන් එළඹෙන ජුලි මාසයේ මුල් සතිය තුළ නිකුත් කිරීමට කටයුතු කරන බව එම කොමිසම සඳහන් කළා.

SLHRC
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?