spot_imgspot_img

එක්දින ලෝක කුසලානයේ කාලසටහන වෙනස් කරන ලෙස තවත් ඉල්ලීමක්

මෙම වසරේ ඔක්තෝම්බරයේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන යළිත් වෙනස් කරන ලෙස හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, තරගාවලියේ හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන තරග දෙකක ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවීම හේතුවෙන්.

ඔක්තෝම්බර් 09 වනදා නවසීලන්තය – නෙදර්ලන්තය තරගය සහ ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වීමට සැලසුම්කර ඇති පාකිස්තානය – ශ්‍රී ලංකා තරගය සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට අපහසු බව හයිද්‍රාබාද් පොලිසිය පැවසීමත් සමඟ මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

හයිද්‍රාබාද් පොලිසිය සඳහන් කර ඇත්තේ මෙලෙස එක ළඟ තරග දෙකක් පැවැත්වීම තුළ ආරක්ෂාව සැපයීමේ ගැටළුවක් පැන නඟින බවයි.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල විසින් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ, හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරග තුනක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මීට පෙරද ඉන්දීය ක්‍රිකට් සංගම් කිහිපයක් ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන වෙනස් කරන ලෙස ඉල්ලීම් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?