එක්දරු මවකට පහරදුන් මාලිමාවේ අපේක්ෂකයා අල්ලයි

එක්දරු මවකට පහරදුන් බව කියන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කළුතර නගර සභාවට ජාතික ජන බලවේගයෙන් තරගවදින අපේක්ෂකයකු බවයි වාර්තා වන්නේ.

හර්ෂනී මේනකා නැමැති කළුතර උතුර, ෆොන්සේකා පාරේ පදිංචි කාන්තාවක් පොලිසියට පැමිණ ඊයේ (23) සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරු සහ පැමිණිලිකාරිය අසල්වැසියන් බවත්, කලක සිට පවතින ආරවුලක් බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය යාමෙන් පසු මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පැමිණිල්ල සිදුකිරීමෙන් පසු පැමිණිලිකාරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුල්ව ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
5
හරි හිනා !
43
හම්මෝ !
3
මාර දුකයි !
6
මලපනිනව !
10
කුජීතයි !
20
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?