එක්කො වල් අලියා නැත්තන් මම….

වන අලීන් පහරදීමෙන් දැනට සිදුවන හානි සංඛ්‍යාව ලබන වසර වනවිට 50% කින් අඩුකරගැනීමට නොහැකි වුවහොත් ලබන වසරේ අගෝස්තු 20 වනදා තමන් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව වනජීවී විෂයභාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ අද දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන 2022 අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් දක්වමිනුයි.

ජාතික ආහාර නිෂ්පාදනයෙන් 20% ක් වන අලීන් විනාශ කර දමන බව සහ මෙම ගැටලුව විසඳීමට නොහැකිව රටට ඉදිරි ගමනක් නොමැති බවත් විමලවීර දිසානායක මහතා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?