spot_imgspot_img
spot_img

එකම වරද කිහිපවරක් සිදු කළ ඖෂධසැල් හිමිකරු රිමාන්ඩ්

තහනම් මත් කරල් විකිණූ ඖෂධ අලෙවිසැල් වෙළෙන්ඳෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ගලෙන්බිඳුණුවැව නගරයේ දියි.

වෛද්‍යවරයෙකුගේ නියමයකින් තොරව පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාවට මෙම පුද්ගලයා විසින් මත්පෙති අලෙවි කරන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව උපාය දූතකයෙකු යොදවා මෙම මත් කරල් අලෙවි කරන ඖෂධසැල් හිමිකරුව අත් අඩංගුවට ගැනීමටයි ගලෙන්බිදුනුවැව පොලිස් බුද්ධි කොට්ඨාසය කටයුතු කර තිබෙන්නේ.

සැකකරුව කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද කටයුතු කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මීට පෙර අවස්ථා කිහිපයක දී ද මෙම සැකකරු මත්පෙති අලෙවි කිරීම සම්බන්ධව ගලෙන්බිදුණුවැව පොලිසිය මගින් සහ අනුරාධපුර ඖෂධ පාලන අධිකාරිය මගින් අවස්ථා කිහිපයක දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරු වූ බවත් මේ වන විට බලපත්‍රයක් නොමැතිව ඖෂධ ශාලාව පවත්වාගෙන යන බවටත් අනාවරණය වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?