එකම පවුලේ පියා, ලේලිය සහ මුණුබුරා එක්ව පුද්ගලයෙකු ඝාතනය කරලා

බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසකට යන පාරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක දී එකම පවුලේ පියා,ලේලිය සහ මුණුබුරා විසින් මන්නා පිහියකින් සහ පොලුවලින් අදාළ පුද්ගලයාට පසුගිය 09 වනදා මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අක්මීමණ පොලිසිය සඳහන් කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නරාවල, පෝද්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

පහර කෑමෙන් බරපතල තත්ත්වයේ පසුවූ පුද්ගලයා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සිද්ධය සම්බන්ධය සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, අක්මීමණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?