spot_imgspot_img
spot_img

එංගලන්ත වේග පන්දුවක් ලෝක කුසලානයෙන් ඉවතට

එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලිට එක්දින ලෝක කුසලානයේ ඉතිරි තරග සියල්ල අහිමි වී යන බව වාර්තා වනවා.

පසුගිය සෙනසුරාදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගය අතර තුර ඔහුගේ ඇඟිල්ලක අස්ථි බිඳීමක් සිදුවීමත් සමඟ ඔහුට ලෝක කුසලාන තරගාවලිය අහිමිව යන බවයි වාර්තා වන්නේ.

ටොප්ලි ඉදිරි පැය 24 තුළ නැවත එක්සත් රාජධානියට පැමිණෙනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් එංගලන්තය තවමත් ඔවුන්ගේ ආදේශක ක්‍රීඩකයා නම්කර නොමැති අතර, බොහෝ දුරට ජෝෆ්රා ආචර්ට එම අවස්ථාව හ්මිවනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව වේගපන්දු යවන්නන් වන බ්‍රයිඩන් කාර්ස්, මැතිව් පොට්ස් සහ ජෝර්ජ් ස්ක්‍රිම්ෂෝ යන තිදෙනාගෙන් අයෙකුටද මෙම අවස්ථාව හමිවිය හැකි බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය මුහුණ දෙන මීළඟ තරගය ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
1
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?