උ.පෙළට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ අද රාත්‍රියේ සිට බෑ

2022 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු සංවිධානය කිරීම සහ එම මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ ජාල මඟින් ප්‍රසිද්ධ කිරීමත් තහනම් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

එවැනි ආකාරයේ උපදෙස් කඩකිරීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව පොලීසිය හෝ 1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන අතර, එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට, ආයතනයක් ‍හෝ වෙනත් පාර්ශවයකට දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවා.

2022 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ වී පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?