spot_imgspot_img

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි

උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (07) සිට අයදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

අයදුම්පත් භාරගැනීම 16 වනදා අවසන් වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.

මෙවර උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට අපේක්ෂිත පසුගිය වර විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් අයදුම් කිරීම සඳහා මේ මස 11 වැනි දින සිට 16 වැනි දින දක්වා අවස්ථාව ලැබෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?