Fly high Get bonus Aviator Phone

උසස් පෙළ නැවත සමීක්ෂණ සහ නැවත පෙනීසිටීම ගැන දැනුම්දීමක්

අද(07) සිට ලබන 16 වන දින දක්වා 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම නොවැම්බර් මස 27 වනදා ආරම්භ වන 2023 උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට අපේක්ෂිත 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ලබන 11 වනදා සිට 16 වනදා දක්වා අයදුම්කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

විභාග දෙපාර්තමේන්තුවට අයත් www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කිරීමේ හැකියාව පවති.

එමෙන්ම 2022/23 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට අයදුම්පත් යොමු කිරීම එළඹෙන සැප්තැම්බර් 14 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ 63,933දෙනෙකු පෙනී සිටි අතර ඉන් 232,797 දෙනෙකු පාසැල් අයදුම්කරුවන් වනවා.

විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන්ගෙන් 166,938 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස 63.3% ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?