මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලුම්පත්‍ර පමණක් අනිද්දා (21) වනවිට යොමුකර අවසන් කිරීමට දැනට ඔන්ලයින් වර්ජනයේ නිරත විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර යොමුකිරීමේ කිසිදු තීරණයක් නොමැති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.
මෙවර උසස් පෙළ විභාගයේ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාර ගැනීම පසුගිය 15 වනදායින් අවසන් වුණා.
ඒ අනුව උසස් පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් 249,841 දෙනෙකු අයදුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා 243,704 දෙනෙකු අයදුම්පත් යොමු කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2















