ගුරු විභාගයේ ඉල්ලුම් පත් කැඳවීමේ කාලය පෙබරවාරි 17 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මීට අදාළ ගැසට් නිවේදනය පසු ගිය ජනවාරි 27 නිකුත් කර තිබූ අතර ඒ අනුව ඉල්ලුම් පත් කැඳවීමේ අවසන් දිනය අද (10) ලෙසටයි මීට පෙර සඳහන්ව තිබුණේ.
අයදුම්පත් කැඳවා ඇති උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයඳුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති සඳහා විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බැවින් ඒවා සම්පූර්ණ කිරීමටයි මෙම පියවර ගෙන ඇත්තේ.
මෙම තරඟ විභාගයෙන් පසුව ගුරුවරුන් බඳවා ගෙන තවදුරටත් පුරප්පාඩු පවතින්නේ නම් ඒ සඳහා පළාත් සභා මගින් උපාධිධාරීන් බඳවා ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.
උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම වෙනුවෙන් තරග විභාගයක් පැවැත්වෙන අතර ඒ සඳහා වන අයදුම්පත් කැඳවීමේ නිවේදනය රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර තිබෙනවා.
මේ සඳහා අයදුම් කිරීම applications.doenets.lk/exams යන වෙබ් අඩවිය වෙත පිවිස සිදු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය කියාසිටියේ.