Empty Ad
AFC Banner
Empty Ad

උපකාරක පංතියට ගිය සිසුවියගේ මාලය කැඩූ යුදහමුදා සෙබලාට ප්‍රදේශ වාසීන් හොදින් සලකලා

යාපනය පලාලි පොලිස් වසමේ වල්ලුවාර් පුරම් ප්‍රදේශයේ පාසල් සිසුවියකගේ මාලයක් කඩා පලා ගිය දමිළ යුදහමුදා සෙබලෙකු ඊයේ (23) දින ප්‍රදේශවාසීණ් විසින් අල්ලා දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

15 හැවිරිදි අදාල පාසල් සිසුවිය උපකාරක පංතියක් සඳහා ගොස් ආපසු නිවසට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි සැකකාර යුදහමුදා සෙබලා අදාල දැරිය බියවද්දා අසල කැලෑවට බලහත්කාරයෙන් රැගෙනගොස් පැළඳසිටි මාලය කොල්ලකා පලා ගොස් තිබුණි.

අනතුරුව පාසල් දැරියගේ කෑගැසීමෙන් එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විසින් කොල්ලකරු පසුපස ලුහුබැඳ ගොස් අල්ලාගැනීමට හැකිව තිබෙන අතර පසුව ප්‍රදේශවාසීණ් විසින් කොල්ලකරුට පහරදී බැඳ පලාලි පොලීසියට භාරදීමට පියවර ගනු ලැබීය.

ප්‍රදේශවාසීන් භාරදෙනු ලැබූ සැකකරු පිළිබව පරික්ෂණ සිදුකිරීමේදී අනාවරනය වී ඇත්තේ අදාල සැකකරු යුදහමුදාවට මෑතකාලයේදී එක් වූ දමිළ පුද්ගලයෙකු බවටත් ඔහුද පලාලි ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බවටය.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී කොල්ලකන ලද මාලයද හමුවී ඇති අතර සැකකාර යුදහමුදා සෙබලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පලාලි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?