උද්ධමනයට සරිලන ලෙස වැටුප් හා විශ්‍රාම වැටුප් ගැලපීමක් සිදුකරණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳව පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළ උද්ධමනයට සරිලන ලෙස වැටුප් හා විශ්‍රාම වැටුප් ගැලපීමක් සිදු කරන බවයි.
රාජ්‍ය වියදම් කළමනාකරණයෙදී රජයේ වියදම් සඳහා ලබාදෙන ප්‍රතිපාදන වැඩිකිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.
දේශපාලන මැදිහත්වීමකින් තොරව 2018 ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක කරන බව පැවසු ජනාධිපතිවරයා සෑම 6 මසකට වරක්ම විදුලිබිල ගැලපීමට පියවර ගන්න බවත් දැනුම් දුන්නා.
ශ්‍රීලන්කන් ගුවන් සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය,වැනි ආයතනවල ශේෂපත්‍ර යළි සකස් කිරීමටත් නියමිතයි.