Empty Ad
AFC Banner
Empty Ad

උතුවන්කන්දේ බස් අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට (ඡායාරූප)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටී අද (25) දහවල් සිදුවූ අනතුරෙන් කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙම අනතුරෙන් 38 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය අද (25) පස්වරුවේ තහවුරු කළේ.

එලෙස තුවාල ලබා රෝහල්ගත කළ පිරිස අතර සිටි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂය පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතක් තහවුරු වී නොමැති අතර, අනතුර සම්බන්ධයෙන් බස්රථ දෙකේම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාවනැල්ල සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබූ තවත් බස්රථයකට ඉස්සර කිරීමට යාමේදී කෑගල්ල සිට නුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූවන් ඇතුළත් කරනු ලැබුවේ මාවනැල්ල රෝහලටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?