උතුරේ පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ලකරන බව පවසමින් නිර්නාමික දුරකථන ඇමතුමක් කන්කසන්තුරේ පොලිස් ස්ථානය වෙත ලැබී තිබෙනවා.
පසුගිය 11 වනදා දහවල් මෙම නිර්නාමික දුරකථන ඇමතුම ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති අතර, උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවදානයකින් කටයුතු කරන බව ද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.
මෙම නිර්නාමික දුරකථන ඇමතුම කුමන අරමුණකින් කවුරු විසින් ලබා දී ඇත්ද යන්න පිළිබඳව කන්කසන්තුරේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
3
+1
+1
+1
+1
1















