උතුරු දුම්රිය මාර්ගය යළි යථා තත්ත්වයට

ඊයේ (04) රාත්‍රි වැල්ලව දුම්රිය ස්ථානයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා එල්ල වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබේ.

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් ඊයේ රාත්‍රි වැල්ලව දුම්රිය ස්ථානයේදී පීලිපැනීම හේතුවෙන් කොළඹ සිට ගමන් කළ දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානය දක්වාත්, යාපනය, මඩකලපුව සහ ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවන වූ දුම්රියක් මහව හන්දිය දක්වාත් සීමා කර තිබුණි.

කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට එම දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?